වෙනත් වසර වල අධික රශ්මිය කාලයට යාපනයේ පලතුරු වෙළදාම ඉතා සීඝ්‍රයෙන් සිදු වන නමුත් මෙවර පලතුරු වල මිල අධිකවීම නිසා යාපනයේ පලතුරු අලෙවි නොවන තත්ත්වයකට පත්ව තිබෙනවා.
මේ හේතුව මත යාපනය නගරයේ පලතුරු වෙලදාමේ නිරත පුද්ගලයින් දැඩි ලෙස අසරණ වී සිටින අතර ඔවුන් කියා සිටින්නේ ජනතාව පලතුරු වල මිල ගණන් විමසා බලා පලතුරු මිලදී නොගෙන ආපසු යන බවයි.
ඇපල් මිදි දොඩම් පෙයාර්ස් වැනි පලතුරු කිසිම පාරිභෝගිකයෙකු මිලට නොගන්නා බවත් කෙසෙල් පැපොල් හා අඹ යන පලතුරු වල මිල ගණන්ද ජනතාවට දරිය නොහැකි අන්දමට ඉහල ගොස් ඇති බවයි යාපනයේ පලතුරු වෙළෙන්දෝ කියා සිටින්නේ.
පලතුරු වල මිල ගණන් විමසන පාරිභෝගිකයෝ අවසානයේදී රුපියල් 160 ක් දී තැඹිලි ගෙඩියක් පානය කොට එහි මදයද සූරා කා නිවෙස් වලට යන බව යාපනයේ පලතුරු වෙළෙන්දෝ පවසනවා.
අධික රශ්මිය නිසා විකිණීම පිණිස එල්ලා අති පලතුරු අව්වට කරවී ඒවායෙහි යුෂ ගතිය ඉවත්වීම නිසා පාරිභෝගිකයින් එවැනි පලතුරු මිලට ගැනීමට කැමැත්තක් නොදක්වන බවද යාපනයේ පලතුරු වෙළෙන්දෝ වැඩිදුරටත් සඳහන් කරනවා.

Follow US

Most Viewed Stories