මාතර පාසලක සිවිලිමේ පුපුරන ද්‍රව්‍ය

Monday, 18 September 2023 - 20:04

%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B6%9A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B6%B1+%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA
පාසලක් තුළ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබෙනවා.

ඒ එම පාසලක ඉදිකර තිබූ කාමරයක සිවිලිමේ සඟවා තිබීයදීයි.

එහි තිබී ගිනිඅවියක්, උණ්ඩ තොගයක් සහ පුපුරණ ද්‍රව්‍ය තොගයක් පොලීසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මාතර මැද්දවත්ත ප්‍රදේශයේ පිහිටි පාසලක තිබී මෙම පුපුරණ ද්‍රව්‍ය සහ උණ්ඩ තොගය සොයාගෙන ඇති අතර වැඩිදුරටත් තොරතුරු අනාවරණය වී ඇත්තේ එම පාසල තුළ ඉදිකර තිබූ එම කාමරය භාවිතයට නොගන්නා එකක් බවයි.

එහිදී සිවිලිමේ තිබී ටී 56 උණ්ඩ 20ක්, මි.මී.3.2 උණ්ඩ 24ක්, මි.මී. 9 උණ්ඩ 107ක්, ගල් කටස් වර්ගයේ ගිනිඅවියක් සොයාගැනීමට සමත්ව ඇති බවයි වාර්තා වූයේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories