පියාගේ තුවක්කුව පුතාට පත්තු වෙයි

Tuesday, 19 September 2023 - 11:53

%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8F%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
පියාගේ නීති විරෝධී ගිනි අවිය හොරකම් කොට මිතුරකු සමග දඩයමේ ගිය තරුණයකු එම තුවක්කුව පත්තු වීම නිසා බරපතළ ලෙස තුවාල ලබා තිබෙනවා.

එම තරුණයා ඊයේ (18) මන්නාරම මඩු රෝහලට ඇතුළත් කොට තිබෙන බව වාර්තා වෙනවා.

ඔහුගේ තත්ත්වය බරපතළ නිසා මඩු රෝහලෙන් එම තුවාලකරු මන්නාරම රෝහල වෙත මාරු කොට යවා
ඇති බව පොලිසිය පවසනවා.

තුවක්කුව හදිසියේ පත්තු වීමෙන් තුවාල ලැබූ තරුණයා රැගෙන ඒමට නොහැකි වූ නිසා ඔහු සමග ගිය අනෙක් පුද්ගලයා වහාම ගම්මානයට පැමිණ සිද්ධිය විස්තර කිරීමෙන් පසුව ගම්වාසීන් ගොස් තුවාලකරු රැගෙන විත් රෝහල්ගත කළ බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

සිද්ධිය පිළිබදව මඩු පොලිසියට තොරතුරු සැලවීමෙන් පසුව පොලිසිය ගොස් අදාළ තුවක්කුව කැලයේ තිබී සොයා ගෙන තිබෙනවා.

මෙම සිද්ධිය පිළිබඳව මඩු පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වා ගෙන යනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories