බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට

Tuesday, 19 September 2023 - 16:45

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+24+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පේරු රාජ්‍යයේ ඊයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.

හුවාන්කායෝ සහ හුවාන්ටා (Huancayo and Huanta) නගර අතර ඇන්ඩීස් කඳුකරයේ ගමන් කරමින් සිටියදී බස් රථය මීටර් 200 ක් (අඩි 650) පමණ ගැඹුරු මිටියාවතකට ඇද වැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදු වූ ස්ථානයට වහාම ගිනි නිවන භටයන් යැවූ අතර ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක නිලධාරීන් එක්ව ජීවිත ගලවා ගැනීමේ දැඩි මෙහෙයුමක නිරතව ඇති අතර දිවි ගලවා ගත් පිරිස් ළඟම ඇති රෝහල් වෙත ගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories