මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවන්ගෙන් ඉල්ලීමක්

Tuesday, 19 September 2023 - 18:51

%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%92+%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ යාපනයේ තරුණ තරුණියන් 11 දෙනෙකු පුනරුත්ථාපනයට ලක් කරන ලෙස ඔවුන් විසින්ම යාපනය දිසාපති කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එම ඉල්ලීමට අනුව එම 11 දෙනාම යාපනය දිසාපති අම්බලවානර්ගේ විශේෂ ඉල්ලීමක් මත නිට්ටඹුවේ පිහිටි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් වෙත 18 දා යොමු කොටයි තිබෙන්නේ.

මෙම තරුණ තරුණියන් 11 දෙනාම වයස අවුරුදු 22 ත් 27 ත් අතර අය වන අතර ඉන් හතර දෙනෙකු තරුණියන් බවයි වාර්තා වෙන්නේ.

යාපනයේ ක්‍රියාත්මක ස්වේච්ඡා සංවිධාන විසින් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ අවධානම පිළිබදව ගම්මට්ටමින් දේශන හා වැඩ මුළු පැවැත්වීමේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම තරුණ තරුණියන් 11 දෙනා ස්වේච්ඡාවෙන්ම පුනරුත්ථාපනය සදහා ඉදිරිපත් වීම සුවිශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories