හදිසි ඖෂධ මිලට ගැනීම් අත්හිටුවන්නැයි අගවිනිසුරුට ලිපියක්

Tuesday, 19 September 2023 - 19:51

%E0%B7%84%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%A7+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරනු ලබන හදිසි ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලිය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ සංවිධානය විසින් අගවිනිසුරුවරයා වෙත ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මෙම ලිපිය අගවිනිසුරු ජයන්ත ජයසූරිය වෙත ඉදිරිපත් කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත අද (19) භාරදෙනු ලැබු බවයි සඳහන් වන්නේ.

එමඟින් සඳහන් කර ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යාංශය මෑතක සිට හදිසි මිලදීගැනීම් බව සඳහන් කරමින් විශාල වශයෙන් ඖෂධ මිලදී ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කර ඇති අතර මෙම හදිසි මිලදී ගැනීම් වල දී ඖෂධවල ප්‍රමිතිය පිළිබඳව බරපතළ ගැටලු‍ මතුවී තිබෙන බවත් ඒවා මිලදී ගැනීමේදී ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීමක් සිදුනොවන බවත් එම සංවිධානය චෝදනා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories