මොළේ මිය යාම නිසා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ වකුගඩු දෙක, හෘදය වස්තුව, අග්න්‍යාසය සහ අක්මාව ජීවිතයත් මරණයත් අතර සිටි රෝගීන් පස්දෙනෙකුට බද්ධ කිරිම සදහා ඔහුගේ දෙමාපියන් කැමැත්ත පළ කර තිබෙනවා.
වාර්තාකරු පැවසුවේ අදාළ තරුණයා දුම්රියකින් ඇද වැටි මොළයට හානි වී ඇති අතර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බවයි.
ඔහුගේ ඇස් දෙක මේ වන විටත් දෙනෙත් නොපෙනෙන දෙදෙනෙකුට ආලෝකය ලබාදීම සඳහා ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමය විසින් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
එසේම රෝගීන්ට බද්ධ කිරීම සඳහා ඔහුගේ සම, රුධිර නාල සහ දණහිස් කටු ඇතුළු ශරීර කොටස් රැසක්ම මවුපියන්ගේ කැමැත්ත මත දන් දී තිබෙනවා.
මෙලෙස ශරීර කොටස් පරිත්‍යාග කර ඇත්තේ වයස අවුරුදු 23ක වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Follow US

Most Viewed Stories