මහවැලි ගඟේ ජල මට්ටම ඉහළට; මහ ඔය තවමත් අවධානම්

Monday, 20 November 2023 - 20:50

%E0%B6%B8%E0%B7%84%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9C%E0%B6%9F%E0%B7%9A+%E0%B6%A2%E0%B6%BD+%E0%B6%B8%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B6%B8+%E0%B6%89%E0%B7%84%E0%B7%85%E0%B6%A7%3B+%E0%B6%B8%E0%B7%84+%E0%B6%94%E0%B6%BA+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A
දිවයිනේ ප්‍රදේශ රැසකට අද (20) රාත්‍රියේදීත් ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

මේ අතර ජල මට්ටම් ඉහළ ගොස් ඇති නිසා කොත්මලේ සහ වික්ටෝරියා ජලාශවල වාන්දොරටු විවෘත කළ හැකි බැවින් මහවැලි ගඟ පරිහරණය කිරීමේදී විමසිලිමත්ව සිටින ලෙස ගඟ අවට සහ පහත් බිම්වල වෙසෙන ජනතාවට මහවැලි අධිකාරිය දැනුම් දෙනවා.

කළා ඔයේ ජල මට්ටම සිඝ්‍ර ලෙස ඉහල යාමත් සමග විල්පත්තුව වන උද්‍යානයට පිවිසෙන වනාතවිල්ලු‍ව එළුවන්කුලම පිවිසුම තාවකාලිකව වසා දැමිමටයි උද්‍යාන පාලකවරයා කටයුතු කළේ.

රාජාංගනය ජලාශ‍යේ වාන් දොරටු 8ක් විවෘත කර තිබෙනවා.

අප වාර්තාකරු සදහන් කළේ, ඉන් වාන් දොරටු 4ක් අඩි 4 බැගින් හා වාන් දොරටු 2ක් අඩි 3 බැගින් මෙන්ම තවත් වාන් ‍දොරටු 2ක් අඩි 2ක බැගින් විවෘත කර ඇති බවයි.

මෙමගින් තත්පරයට ඝණ අඩි 7200 ක ජල ධාරිතාවක් කළාඔයට මුදා හැරෙන අතර එම නිසා ගිරිබාව රාජාංගනය මාර්ගයේ ගමනා ගමනයට බාධා සිදු ව ඇති හෙයින් එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබෙනවා.

මහ ඔයේ ජල මට්ටම තවදුරටත් ගංවතුර මට්ටමේ පවතිනවා.

එහි බලපෑමෙන් මීරිගම හා දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නිවාස කිහිපයක් මෙවන විටත් ජලයෙන් යටව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළේ.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දිස්ත්‍රික්ක 08 කට පනවා තිබූ නායයාමේ අවදානම ඉදිරි පැය 24 ක කාලය සදහාද දීර්ඝ කර තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ කිසියම් ආපදාවක් සම්බන්ධයෙන් තොරතුරු පැය 24 පුරා ක්‍රියාත්මක 117 ඇමතුම් අංකය මගින් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුවත් කළ හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories