මහ ඔය සහ දැදුරු ඔය ද්‍රෝණිවල ගංවතුර අවධානම තවත් පැය 24 කින් දීර්ඝ කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම ද්‍රෝණිවල පහත්බිම්වල වෙසෙන ජනතාව ඒ සම්බන්ධයෙන් සැළකිල්ලෙන් පසුවන ලෙසයි දැනුම් දෙන්නේ.
වැසි ඇදහැලීමත් සමග විවෘත කෙරුණු ජලාශ කිහිපයක වාන් දොරටු තවදුරටත් විවෘතව පවතින බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ.
ඒ අනුව රාජංගනය ජලාශයේ වාන් දොරටු 8ක්, අහංගම ජලාශයේ වාන් දොරටු දෙකක තවදුරටත් විවෘතව පවතිනවා.
අයහපත් කාලගුණ තත්වය හමුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ ප්‍රධාන මාර්ග 3ක් තවදුරටත් අවහිරව පවතින බව අද පැවති මාධ්‍ය හමුවකදී බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන කියා සිටියා.
මේ අතර මහනුවර - දිගන - අඹකොටේ ප්‍රදේශයේ නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් කාන්තාවක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අද උදෑසන 8යි 30න් අවසන් වූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය , පුත්තලම - දිගන්වැව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර එය සටහන් වුණේ මිලිමීටර 99 යි දශම 4ක් ලෙසයි.

Follow US

Most Viewed Stories