General26 November 2023

ජපානයේදී ගැටුමකින් මියගිය තරුණයාගේ දේහය දිවයිනට (වීඩියෝ)

ජපානයේදී ලාංකිකයින් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් හේතුවෙන් මියගිය තරුණයාගේ දේහය දිවයිනට රැගෙනවිත් තිබෙනවා.

මෙම අවාසනාවන්ත ඉරණමට මුහුණ පෑවේ මාතර - දෙවිනුවර කපුගම ප්‍රදේශයේ පදිංචිව සිටි ඉසුරු ශාලින්ද නැමැති 26 හැවිරිදි තරුණයෙක්.

ශාලින්ද මීට වසරකට පෙර ජපානයට යන්නේ ජීවිතය ජය ගැනීමේ අරමුණින්.

පවුලේ දෙවැනි දරුවා වූ ශාලින්දගේ පවුලේ අගහිඟකම් රැසක් තිබූ බැවින් ඔහුට විදෙස්ගත වීමට මව්පියන් මුදල් සොයා දෙන්නේ ද ණයට මුදල් ලබාගෙනයි.

ශාලින්ද ජපානයට ගියත්, ඔහුට මුහුණ දීමට සිදු වන්නේ අතිශය ඛේදජනක සිදුවීමකටයි.

පසුගිය ඔක්තෝබර් 15වැනිදා ජපානයේදී ශ්‍රී ලාංකිකයින් සංවිධාන කර තිබූ ක්‍රිකට් තරගයක් නැරඹීමට ශාලින්ද හා ඔහුගේ මිතුරන් එක් වී තිබෙනවා.

මෙහිදී ලාංකිකකයින් දෙපිරිසක් අතර ගැටුමකට ශාලින්ද ද මැදිහත්ව ඇති අතර, එහිදී ශාලින්ද තුවාල ලබා රෝහල්ගත කර තිබුණා.

බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි ශාලින්ද ඉකුත් නොවැම්බර් 11වැනිදා අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගත්තා.

ශාලින්දගේ දේහය ඉකුත් 23 වැනිදා මෙරටට රැගෙනවිත් තිබූ අතර මේ වන විට දේහය දෙවිනුවර කපුගම ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ තැන්පත් කර තිබෙනවා.

ශාලින්දගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (26) පස්වරුවේ කපුගම පවුලේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි.



Related recommendation
Hiru TV News | Programmes