රංගන ශිල්පී විජේ ලංකාවට පැමිණීම ප්‍රශ්නයක්ද?

Thursday, 04 January 2024 - 22:22

%E0%B6%BB%E0%B6%82%E0%B6%9C%E0%B6%B1+%E0%B7%81%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%B4%E0%B7%93+%E0%B7%80%E0%B7%92%E0%B6%A2%E0%B7%9A+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A%E0%B6%AF%3F
චිත්‍රපටයක රූගත කිරීම් සඳහා දකුණු ඉන්දීය රංගන ශිල්පී තලපති විජේ ලංකාවට පැමිණීමට නියමිත බව පසුගිය දිනක විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

The GOAT ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටයේ Yogi Babu, Prashan, Mohan, Prabhu Deva, Jayaram, Ganes, Ajmal Ameer, Vaibhav, Premjee, Sneha සහ Laila ප්‍රධාන චරිත නිරූපණය කරනවා.

විශේෂයෙන්ම චිත්‍රපටයේ අධ්‍යක්ෂක වෙන්කට් ප්‍රභූ ලංකාවට එන වීඩියෝ දර්ශන පසුගිය කාලයේ සමාජ මාධ්‍ය ජාලා තුළ වේගයෙන් පැතිර ගියා.

මේ තත්ත්වය මත රංගන ශිල්පී විජේ ලංකාවට පැමිණීමේ ගැටලුවක් මතුව ඇති බවට වාර්තා පළ වෙනවා.

මීට වසර කිහිපයකට පෙර ශ්‍රී ලංකාව ලෝක සිතියමෙන් ඉවත් කරන බවට රංගන ශිල්පී විජේ අනතුරු අඟවන වීඩියෝ යළිත් හුවමාරු වෙමින් පැවතීම ඊට හේතුවයි.

මේ පිළිබඳව අදහස් දක්වන සිනමා විචාරකයින් පවසා ඇත්තේ සිනමා රසිකයින් ලෙස බොහෝ දෙනා විජයගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින අතරවාරයේ ඇතැම් ශ්‍රී ලාංකිකයන් විජයගේ පැමිණීමට විරුද්ධ විය හැකි බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories