මතකයේ ගැටලු ගැන අධිකරණ කවුන්සිලය දුන් තීන්දුවට ඇමරිකානු ජනපතිගෙන් දොස්

Friday, 09 February 2024 - 12:53

%E0%B6%B8%E0%B6%AD%E0%B6%9A%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B6%BD%E0%B7%94+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9A%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9C%E0%B7%83%E0%B7%8A
තම මතකය සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ විශේෂ කවුන්සිලය සිදුකළ ප්‍රකාශයට ජනාධිපති ජෝ බයිඩ්න් විරෝධය පළ කර තිබෙනවා.

ඉතාමත් රහස්‍ය ලිපිලේඛණ තොගයක් වැරදි ලෙස හසුරුවා ඇති බවට ජෝ බයිඩ්න් ට එරෙහිව එල්ලවූ චෝදනා සම්බන්ධයෙන් පිටු 345කින් යුත් වාර්තාවක් ඊයේ (08) ඉදිරිපත් කරමින් එම කවුන්සිලය කියා සිටියේ ජෝ බයිඩ්න්ගේ මතකය සීමා වී ඇති බවටයි.

මෑත කාලීනව සිදුවූ ඇතැම් සිද්ධි පවා ඔහුගේ මතකයේ නොමැති බව මෙම කවුන්සිලය කියා සිටියා.

ඒ හේතුවෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු නොකිරීමට තීන්දු කළ බව එම කවුන්සිලය නිවේදනය කළා.

කෙසේ වෙතත් අදාළ වාර්තාව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අවධාරණය කළේ තම මතකය යහපත් බවයි.

අධිකරණ කවුන්සිලයේ වාර්තාව සම්බන්ධයෙන් ඔහු එහිදී දැඩි කෝපයෙන් අදහස් දක්වා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories