ජය සමරන්නැයි ඉම්රාන් ඛාන් ආධාරකරුවන්ට දන්වයි

Saturday, 10 February 2024 - 9:28

%E0%B6%A2%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9B%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BA%E0%B7%92
පාකිස්තානයේ 12 වන මහ මැතිවරණයේ ඡන්ද විමසීමේ ජය සමරණ ලෙසට පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිය ආධාරකරුවන්ට දැනුම් දී තිබෙනවා.

මේ වනවිට නඩු කිහිපයක් සම්බන්ධයෙන් ඉම්රාන් ඛාන් සිරගත කර සිටිනවා.

කෙසේ වෙතත් තවදුරටත් ඡන්ද ගණන් කරමින් පවතින අතර, එහි වැඩි වාසි ඉම්රාන් ඛාන්ගේ පාක්ෂිකයන්ට බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අද (10) උදෑසන වන විට එරට පාර්ලිමේන්තුවේ ආසන 266න් 99ක් ඉම්රාන් ඛාන්ගේ පි.ටී. අයි පක්ෂය ජයග්‍රහණය කර ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදියා වන නවාස් ෂරිෆ්ගේ පී. එම්. එල්. එන් පක්ෂය ආසන 71ක් දිනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පාකිස්ථාන පාර්ලිමේන්තුවේ බහුතරය පිහිටුවීමට නම් එහි ආසන 133ක් දිනා ගත යුතු වෙනවා.

සිරගත කර සිටින හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ පී.ටී.අයි. හෙවත් පාකිස්ථාන ටෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂය තහනම් කර තිබීම හේතුවෙන් පාක්ෂිකයින් ස්වාධීනව ඡන්දයට ඉදිරිපත් වී තිබුණා.

කෙසේ වෙතත් සිරගතව සිටින ඉම්රාන් ඛාන් තම 'x' ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

''මගේ සහෝදර පාකිස්ථානුවනි දැන් අපිව නවත්වන්න කාටවත්ම බෑ. 2024 මැතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් මම ඔබ සැමට සුබ පතනවා. ඔබ සියලු දෙනාම ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙනු ඇති බවට මට පූර්ණ විශ්වාසයක් තිබුණා... ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීම සියලු දෙනා මවිතයට පත් කර තිබෙනවා.. මම ඔබ ගැන ආඩම්බර වෙනවා'' ලෙස ඔහු සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories