ඉල්ලා අස්වූ ජනපති

Sunday, 11 February 2024 - 9:24

%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%96+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92
ළමා ලිංගික අපයෝජන සිද්ධියක් වසන් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට සමාව දීමට ගත් තීරණය හේතුවෙන් තමා සිය ධුරයෙන් ඉල්ලා අස් වන බව හංගේරියානු ජනාධිපති ප්‍රකාශ කර තිබෙනවා.

එරට රූපවාහිනී නාලිකාවක් ඔස්සේ හංගේරියානු ජනාධිපතිවරිය සිය ඉල්ලා අස්වීම නිවේදනය කර ඇති බවයි විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුණේ.

ළමා නිවාසයක අධ්‍යක්ෂවරයෙකුට එරෙහි ව එල්ල වී තිබූ ලිංගික අපයෝජන චෝදනයක් සම්බන්ධයෙන් වූ පැමිණිල්ල ඉල්ලා අස්කර ගන්නා ලෙසට ළමුන්ට බලකිරීම සම්බන්ධයෙන් සිරගත වූ පුද්ගලයෙකුට ජනාධිපති කැටලීන් නොවැක් පසුගිය සතියේ සමාව ලබා දී තිබුණා.

මෙම සිද්ධිය මහජන කැළඹීමක් ඇති කළ අතර ඇයට සහ හිටපු අධිකරණ අමාත්‍ය ජුඩිත් වර්ගාට ඉල්ලා අස්වන ලෙස විපක්ෂයෙන් ඉල්ලීම් ද කරනු ලැබුවා.

අදාළ පුද්ගලයාට සමාව ලබාදීමේ දී තමා වරදක් කළ බව පවසමින් හංගේරියානු ජනාධිපති කැටලින් නොවැක් ජනතාවගෙන් සමාව අයැද සිටි බව විදෙස් මාධ්‍යය වාර්තා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories