ඊශ්‍රායලයට ප්‍රබල ජාත්‍යන්තර බලපෑම්

Sunday, 11 February 2024 - 13:15

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B6%E0%B6%BD+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B4%E0%B7%91%E0%B6%B8%E0%B7%8A
දකුණු ගාසා තීරයේ රෆා නගරය වෙත ඊශ්‍රායලය එල්ල කිරීමට සැළසුම් කර තිබෙන ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තරය අනතුරු අඟවා තිබෙනවා.

ඒ, පුළුල් ප්‍රහාරයකට පෙර නගරයෙන් සිවිල් වැසියන් ඉවත් කිරීමට සූදානම්වන ලෙසට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සිය හමුදාවට නියෝග කිරීමෙන් දිනකට පසුවයි.

ගාසා තීරයේ ජනගහනයෙන් අඩකට වඩා වැඩි පිරිසක් හෙවත් මිලියන 1.5 කට අධික පිරිසක් මේ වනවිට රෆා නගරයට පැමිණ ඇති අතර, ප්‍රහාර එල්ල කළහොත් සාමාන්‍ය වැසියන් විශාල සංඛ්‍යාවක් මිය යෑමට හැකි බවට නෙදර්ලන්තය, බ්‍රිතාන්‍යය සහ සෞදි ආරබිය ඇතුලු රටවල් කිහිපයක් අනතුරු අඟවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories