මල්වතුහිරිපිටියේ මෙහෙයුමේදී වෙඩි වැදුණු සැරයන්වරයා ජීවිතක්ෂයට

Monday, 12 February 2024 - 6:56

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ගම්පහ - මල්වතුහිරිපිටිය - බටේපොල ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කර පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පොරබැදීමකදී වෙඩි වැදුණු පොලිස් සැරයන්වරයා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

ඒ, කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බවයි සඳහන් වන්නේ.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 51 හැවිරිදි මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.

එමෙන්ම, පොලිස් නිලධාරියෙකුගේ හිසට වෙඩි තබා ඔහුගේ ගිනි අවිය පැහැරගෙන පලාගිය සැකකරු සහ කාන්තාවක ඊයේ (11) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසනවා.

ඒ සමඟ පැහැර ගත් ගිනි අවිය සහ ජීව උණ්ඩ හතරක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බළකායට ලද තොරතුරකට අනුව ගම්පහ බිංගිරිය ප්‍රදේශයේදී සැකකරු සහ කාන්තාව අත්අඩංගුවට ගත් බව සඳහන්.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ගම්පහ වතුරුගම ප්‍රදේශයේ සඟවා තිබියදී රිවෝල්වරය සහ ජීව උණ්ඩ පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි (42) හැවිරිදි රියදුරෙකු බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories