ඊශ්‍රායල ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත් දැරියගේ සිරුර දින 12කට පසු හමුවෙයි

Monday, 12 February 2024 - 7:31

%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+12%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරයක් හමුවේ ජීවිතක්ෂයට පත් වූ පලස්තීන දැරියකගේ සිරුර දින 12කට පසුව හමුව තිබෙනවා.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Hind Rajab නැමති දැරියක්වන අතර ඇගේ පවුලේ ඥාතීන් සඳහන් කළේ එම අවස්ථාවේ දැරිය මෝටර් රථයක් තුළ ගමන්කර ඇති අතර එම ප්‍රහාරයත් සමඟ මෝටර් රථයේ සිටි සියළුම දෙනා ජීවිතක්ෂයට පත් වූ බවයි.

මියගිය දැරියගේ, ඇගේ නැන්දා සහ ඇගේ දරුවන් තිදෙනාගේ සිරුරු නගරයේ තාල් අල්-හවා උපනගරයේ වටරවුමක් අසල තිබී සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ.

දැරියගේ මාමා කෙනෙක් වූ සමීහ් හමාදේ මාධ්‍ය හමුවේ ප්‍රකාශකර සිටියේ මෝටර් රථය වෙඩි උණ්ඩවලින් පිරී ඇති බවයි.

එමෙන් ම මියගිය දැරියගේ හඬ පටයක් මාධ්‍ය ඔස්සේ මේ වනවිට ප්‍රචාරයවන අතර "මට ගොඩක් බයයි, කරුණාකර එන්න. කරුණාකරලා කවුරු හරි කතා කරලා මාව එක්කන් යන්න එන්න යන සංවේගී වචන කිහිපයක් ඇය විසින් ප්‍රකාශ කරඇති බවයි වාර්තා වෙන්නේ.

කෙසේ නමුත් පලස්තීනයට එල්ලවන මෙම චෝදනාව අභිමුව ඔවුන් පවසන්නේ එල්ලවන මෙම චෝදනාවන් පිළිබඳව තමන් නොදන්නා බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories