ලෝක මැරතන් ශූරයා ජීවිතක්ෂයට

Monday, 12 February 2024 - 7:41

%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
පිරිමි මැරතන් ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යානු ජාතික කෙල්වින් කිප්ටම් රිය අනතුරකින් මියගොස් තිබෙනවා.

කෙන්යාවේ එල්ඩෝරෙට් නගරයට ආසන්න මාර්ගයක මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී ඔහු අනතුරට ලක්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේ ඔහු සමග ඔහුගේ පුහුණුකරු රුවන්ඩා ජාතික ගර්වයිස් හකිසිමානා ද එහි සිට ඇති බව සඳහන්.

එලියුඩ් කිප්චෝ, බර්ලින් මැරතන් තරගයේදී පිහිටුවා තිබූ ලෝක වාර්තාව 24 හැවිරිදි කෙල්වින් කිප්ටම් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේදී බිඳ දැමුවේ සැතපුම් 26.1 ක් පැය දෙකයි තත්පර 35 කින් තරගය නිම කරමින්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories