ඔස්ට්‍රේලියානු කාන්තාවකට අතවර කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Monday, 12 February 2024 - 7:46

%E0%B6%94%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%9A%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B6%A7+%E0%B6%85%E0%B6%AD%E0%B7%80%E0%B6%BB+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මෙරට සංචාරයක නිරත වූ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවකට ලිංගික අතවර කළ පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

වෙළම්බොඩ ප්‍රදේශයේදී පසුගිය 9 වනදා අතවරයක් සිදුවූ බවට ඇය පොලිසියට කර තිබූ පැමිණිල්ලක් කර තිබෙනවා.

මෙලෙස අතවරයකට ලක් වී ඇත්තේ ඔස්ට්‍රේලියාවේ මාධ්‍යවේදිනියක ලෙස කටයුතු කළ 39 හැවිරිදි කාන්තාවක්.

මෙම කාන්තාව, ඇගේ සැමියා සහ දරුවන් දෙදෙනා සමඟ සංචාරයක් සඳහා පසුගිය 6 වනදා මෙරටට පැමිණ ඇති අතර, පසුව ඔවුන් ගම්පොළ ප්‍රදේශයේ හෝටලයක් තුළ නවාතැන්ගෙන තිබුණා.

එහිදී ඇය හෝටල් බලධාරීන්ට දැනුම් දී ඇත්තේ තමන්ට සම්භාහන සත්කාරයක් ලබා ගැනීමට ඒහා සම්බන්ධ පාර්ශවයක් සම්බන්ධ කරදෙන ලෙසටයි.

ඒ අනුව, හෝටලේ හිමිකරු වාද්දූව ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊට සම්බන්ධ කර දී තිබෙනවා.

සම්භාහන කටයුතු සඳහා පැමිණ තිබෙන පුද්ගලයා 33 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඔහු ක්‍රිකට් විනිසුරුවරයෙකු ලෙස කටයුතු කර ඇති බවයි සඳහන් වන්නේ.

පොලිසිය සඳහන් කළේ අදාළ සම්භාහන කළ පුද්ගලයා තමන්ට අතවර කළ බවට අදාළ ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාව කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories