රෆා නගරයට ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර

Monday, 12 February 2024 - 9:14

%E0%B6%BB%E0%B7%86%E0%B7%8F+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%8A%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%BA%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
ගාසා තීරයේ රෆා නගරයට ඊශ්‍රායලය දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් සිටින බවට පලස්තීන රතු කුරුස සංවිධානය පවසනවා.

විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේ ප්‍රහාර හමුවේ විශාල පිරිසක් මියගොස් ඇති බවයි.

නගර මධ්‍යයට ඊශ්‍රායල ගුවන් ප්‍රහාර විශාල සංඛ්‍යාවක් එල්ල වී ඇති බවද දැක්වෙනවා.

මිලියන 1.5ක ජනතාවක් මේ වනවිට රෆා නගරයට එක්රැස්වී සිටින අතර, ඊශ්‍රායලය සැලසුම් කර ඇති ප්‍රහාරය සම්බන්ධයෙන් මීට පෙර රටවල් රැසක් අනතුරු අඟවා තිබුණා.

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද ඊශ්‍රායලයට දන්වා සිටියේ සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහතික කිරීමට පියවර නොගෙන යුධ මෙහෙයුමක් සිදු නොකළ යුතු බවටයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories