සුන්බුන්වලට යට වූ දැරියක් පැය 60කට පසුව නිරුපද්‍රිතව බේරා ගැනේ

Monday, 12 February 2024 - 12:26

%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B6%BA%E0%B6%A7+%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+60%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B7%80+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%80+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
දකුණු පිලිපීනයේ පසුගියදා සිදු වූ නායයාමට හසු වූ තුන් හැවිරිදි දැරියක් පැය හැටකට පසු බේරාගත් පුවතක් පිළිබඳව විදෙස් මාධ්‍ය වාර්තාකර සිටිනවා.

මසාරා නම් රන් ආකර ගම්මානයක් ආසන්නයේ මෙම නායයෑම සිදුවූ අතර එහිදී පුද්ගලයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 77 දෙනෙකු පමණ අතුරුදන් වූ බවයි වාර්තා වෙන්නේ.

එම අතුරුදන් වූ පිරිස අතර මෙම දැරියද සිට ඇති අතර බොහෝ දෙනෙක් පැවසුවේ සුන්බුන් අතර සිර වූ දැරිය ජීවිතක්ෂයට පත්වන්නට ඇති බවයි.

කෙසේ නමුත් පැය 60කට පසු එම දැරිය සොයාගෙන ඇති අතර ඇය නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වූ බවයි ගැලවුම් නිලධාරීන් සඳහන්කර සිටියේ.

බොහෝ දෙනෙක් ප්‍රකාශ කර සිටින්නේ එය ආශ්චර්‍යයක් බවයි.

ගලවා ගැනීමේ සේවකයින් විසින් බේරාගත් දැරිය හදිසි බ්ලැන්කට්ටුවකින් ඔතා ඔක්සිජන් ටැංකියකට සම්බන්ධ කර අසල පිහිටි මාවබ් නගර සභාවේ රෝහලකට ගෙන යන ආකාරයේ ඡායාරූප‍ය මේ වනවිට සමාජ මාධ්‍ය තුළද බොහෝ සෙයින් කථාබහට ලක්වෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories