චීන විරෝධී බයිඩ්න් ටික් ටොක් වැළඳගනී

Monday, 12 February 2024 - 13:37

%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B6%E0%B6%BA%E0%B7%92%E0%B6%A9%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A7%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%9C%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ටික් ටොක් සමාජ මාධ්‍ය වෙත පිවිස තිබෙනවා.

චීන යෙදවුමක් වන ටික් ටොක් සම්බන්ධයෙන් ඇමරිකාව මීට පෙර දැක්වූයේ දැඩි විරෝධයක්. කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එවැනි පසුබිමක් යටතේ ඉදිරි ඇමරිකානු ජනාධිපතිවරණයේ ප්‍රචාරණ කටයුතුවලට අදාළව ජනාධිපති ජෝ බයිඩ්න් මෙම පියවර ගෙන ඇති බවයි.

ඒ අනුව එක් වීඩියෝවක් සිය ටික්ටොක් ගිණුමට එක් කිරීමටද ඇමරිකානු ජනාධිපතිවරයා මේ වනවිට කටයුතු කර තිබෙනවා.

වැඩි වශයෙන් තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් මෙම ක්‍රියාමාර්ගයට එළඹ ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories