අධික උණුසුම මාර්තු තෙක් (විඩීයෝ)

Monday, 12 February 2024 - 13:35

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B6%8B%E0%B6%AB%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%B8+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%AD%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B7%93%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක පෙර දින දෙකෙහි පහළ ගොස් තිබූ වායූ ගුණාත්මකභාවය අද (12) දිනය තුළ පහව යනු ඇතැයි ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශය පවසනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ අද උදෑසන වන විටද ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකය ඒකක සියයත්, එකසිය පනහත් අතර අගයක පැවති බවයි.

කොළඹ නගරයේ වායු තත්ත්ව දර්ශකය ඒකක 120ක් දක්වා ඉහළ මට්ටමක අද උදෑසනද පැවති බව ඔහු කියා සිටියා.

මේ දිනවල පවතින සුළං රටාවේ වෙනසත් සමඟ විදේශයන්හි වායු ගුණාත්මකතාවන් මෙරට වායු තත්වයන් සමඟ මිශ්‍ර වීම නිසා ශ්‍රී ලංකාවේ වායු තත්ත්ව දර්ශකයේ ඒකක මෙලෙස ඉහළ යාමට බලපා ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ පරිසර අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළා.

මේ අතර, පසුගිය දිනවල පැවති වැසි සහිත කාළගුණ තත්ත්වය අවසන්ව මේ වනවිට වැසි රහිත කාලගුණික තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා.

මෙම කාලගුණ තත්ත්වය මත කුඩා දරුවන් සහ පාසල් දරුවන් එළිමහන් ක්‍රීඩාවල නිරතවීමේදී ඇතිවිය හැකි සංකූලතා සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවයි බොරැල්ල රිඡ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා ප්‍රකාශ කළේ.

මේ අතර, මිනිස් සිරුරට අහිතකර කාලගුණික වෙනස්කම් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සියලු සේවකයින්ට අද සිට නිවසේ සිට මාර්ගගත ක්‍රමයට රාජකාරී කිරිමට අවසර ලබා දෙන ලෙස අදාළ රැකියා ස්ථාන වෙත එරට රජය දැනුම්දීමක් කර තිබෙනවා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කාළගුණික දෙපාර්තමේන්තුව සිදු කළ අනතුරු ඇඟවීමක් මත අදාළ නිවේදනය නිකුත් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එළිමහන් කටයුතුවල නිරත වෘත්තීන්හි සේවකයන් අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව ඒ සඳහා යොදවන ලෙසද රැකියා ආයතන වෙත එරට රජය දැනුම් දී තිබෙනවා.

ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පාසල් හා විශ්වවිද්‍යාල සිසුන්ටද දුරස්ථව අධ්‍යයන කටයුතු කිරීමටයි උපදෙස් දී ඇත්තේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories