යාපනයේ එළවළු දඹුල්ලට - මිලත් අඩුවෙයි

Monday, 12 February 2024 - 13:39

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%91%E0%B7%85%E0%B7%80%E0%B7%85%E0%B7%94+%E0%B6%AF%E0%B6%B9%E0%B7%94%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%A7+-+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
යාපනය අර්ධද්වීපයේ වගා කෙරුණු එළවළු අස්වැන්න මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ සීග්‍රයෙන් ඉහළ ගොස් තිබූ සෑම එළවළු වර්ගයකම මිල ගණන් සියයට හැට පහත්, හැත්තෑවත් අතර අගයකින් අඩු වී ඇතැයි එහි වෙළඳුන් පවසනවා.

යාපනය - චුන්නාකම් ප්‍රදේශයේ සාර්ථකව වගා කරන ලද කැරට්, මාළු මිරිස් සහ බීට් අස්වනු වැඩි වශයෙන් වෙළඳපොළට ලැබීමත් සමඟ රුපියල් දහසත් - දෙදහසත් අතර තොග මිලකට අලෙවි වූ කැරට් කිලෝවක් අද උදෑසන වන විට රුපියල් 500ත් - 600ත් අතර මිලක් දක්වා අඩු වී තිබෙනවා.

මේ අතර අද සිට බිත්තර මිල යළි ඉහළ දැමීමට සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව බිත්තරයක තොග මිල රුපියල් 58ක් දක්වා ඉහළ යන අතර බිත්තරයක සිල්ලර මිල දැක්වෙන්නේ රුපියල් 63ක් ලෙසයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories