ඖෂධ බහලුම් ගැන හිරු අනාවරණය පළ දරයි

Monday, 12 February 2024 - 13:55

%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%B6%E0%B7%84%E0%B6%BD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B4%E0%B7%85+%E0%B6%AF%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රට තුළ ඖෂධ හිඟයක් පවතින පසුබිමක ඩොලර් මිලියන ගණනක් වැය කරමින් ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය එන්නත් ඇතුළු ඖෂධ රැසක් බහාලු‍ම් මාස 04ක් ඉක්මවා යනතුරුත් පර්යන්තවල අනාරක්ෂිතව තබා ඇති බව හිරු ප්‍රවෘත්ති ඊයේ (11) අනාවරණ කළා.

මෙම අනවරණයෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය සඳහන් කළේ එලෙස ඖෂධ සහිත බහාලු‍ම් නිසි ක්‍රමවේදයකින් තොරව ගබඩා කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි.

වත්තල, වැලිසර සහ කැලණිය යන ප්‍රදේශවල පිහිටි බහාලු‍ම් පර්යන්ත තුළ ඖෂධ තොග රැසක් බහාලු‍ම් අනාරක්ෂිතව ගබඩා කර ඇති බවයි හිරු ප්‍රවෘත්ති අනාවරණය කළේ.

කැලණිය ප්‍රදේශයේ පිහිටි එම ස්ථානය වෙත ගිය හිරු ප්‍රවෘත්ති කණ්ඩායමට හෙළිකර ගත හැකිවූයේ එක් බහාලු‍මක් තුළ අමෙරිකානු ඩොලර් මිලියනයක පමණ වටිනාකමින් යුත් ඖෂධ අඩංගු බවයි.

නිෂ්පාදනයේ සිට භාවිතාව දක්වා නිවැරදි උෂ්ණත්වයේ තැබිය යුතු මෙරපනම් නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත් කුප්පි හාරලක්ෂ 50,000ක් පමණ එක් බහාලු‍මක් තුළ ඇති අතර නියුමෝනියාව, මොළේ උණ, ශ්වසනාබාධ සහ දැඩි සත්කාර ඒකකවල සිටින රෝගීන්ට ලබාදිය යුතු අත්‍යවශ්‍ය එන්නත් වර්ගද මෙම බහාලු‍ම් තුළ අඩංගු බවටයි තොරතුරු අනාවරණ වුණේ.

කැලණියේ පිහිටි මෙම පර්යන්තයේ මෙවැනි බහාලු‍ම් 20කට ආසන්න ප්‍රමාණයක් ගබඩා කර තිබුණා.

රට තුළ අත්‍යවශ්‍ය ඖෂධ හිඟයක් දැඩිව පවතින පසුබිමක රටේ මුදල්වලින් ගෙන්වූ ඖෂධ මෙලෙස අනාරක්ෂිතව ගබඩාකර තැබීම කොතෙක් දුරට අනුමත කළ හැකිද යන්න ප්‍රශ්නාර්ථයක්.

මේ අතර එම ඖෂධ සහිත බහාලු‍ම් නිසි ක්‍රමවේදයකින් තොරව ගබඩා කිරීම සම්බන්ධයෙන් අදාළ පාර්ශවයන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශය භාර නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජී.විජේසූරිය ප්‍රකාශ කළා.

කෙසේ වෙතත් කඩිනමින් මෙම ඖෂධ නිසි පරික්ෂාවට ලක්කර රෝගී සත්කාර සඳහා යොමු කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ වගකීමක් බව රජයේ ඖෂධවේදීන්ගේ සංගමය පවසන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories