බස් රථයක් ට්‍රැක්ටරයක ගැටීමෙන් බිහිසුණු අනතුරක්

Monday, 12 February 2024 - 15:52

%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A7%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%8A%E0%B6%A7%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A
කොළඹ සිට යාපනය බලා ධාවනය වෙමින් තිබූ අති සුඛෝපභෝගී බස් රථයක් කොඩිගාමම් ඌරුමට්ටු ප්‍රදේශයේදී අද (12) අළුයම ට්‍රැක්ටරයක ගැටීමෙන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තවත් හතර දෙනෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

තුවාලකරුවන්ගෙන් හතර දෙනෙකු චාවාකච්චේරී රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව ඔවුන්ගෙන් දෙදෙනෙකු යාපනය ශීක්ෂණ රෝහල වෙත මාරු කොට යවා ඇති බවයි වාර්තා වෙන්නේ.

තුවාල ලබා ඇත්තේ බස් රථයේ හා ටැක්ටරයේ රියදුරන් දෙදෙනා ඇතුළු හය දෙනෙක් බවයි අප වාර්තාකරු සඳහන්කර සිටියේ.

කුඹුරක සීසෑමේ කටයුත්තක් සදහා යමින් තිබූ ට්‍රැක්ටරය බස් රථය ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුරෙන් ට්‍රැක්ටරයට බරපතල හානි සිදුව තිබෙනවා.

බස් රථයේ රියදුරුට නින්ද යාම නිසා මෙම අනතුර සිදු වන්නට ඇතැයි සැකකරණ කොඩිගාමම් පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories