කොත්මලේ ඔයේ තිබී කාන්තා මල සිරුරක් සොයා ගැනේ

Monday, 12 February 2024 - 15:46

%E0%B6%9A%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%BD%E0%B7%9A+%E0%B6%94%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AD%E0%B7%92%E0%B6%B6%E0%B7%93+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%B8%E0%B6%BD+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලේ ඔයේ තිබී හඳුනා නොගත් කාන්තා මළ සිරුරක් අද (12) දින හමු වු බව ලිදුල පොලිසිය පවසනවා.

කොත්මලේ ඔයේ නාඳුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත සිරුර සොයාගත් බවයි ලිදුල පොලිසිය සඳහන් කළේ.

අප වාර්තාකරු පැවසුවේ මිය ගොස් සිටි කාන්තාව අවුරුදු 45ක් පමණ වයසැති කාන්තාවක් වන අතර ඇය රතු පාට හැට්ටයක් සහ කළු පාට සායක් ඇඳ සිට ඇති බවයි.

සිරුර සම්බන්ධයෙන් නුවරඑළිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories