Shell සමාගම ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම සමඟ ගිවිසුම් ගතවෙයි

Monday, 12 February 2024 - 16:10

Shell+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9B%E0%B6%B1%E0%B7%92%E0%B6%A2%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%9C+%E0%B6%9C%E0%B6%B6%E0%B6%A9%E0%B7%8F+%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%9C%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දේශීය ඉන්ධන වෙළෙඳ ක්‍ෂේත්‍රය විදේශීය ආයෝජකයින් සඳහා විවෘත කිරීමෙන් අනතුරුව මෙරට ආයෝජනය සඳහා කටයුතු කළ ඇමෙරිකානු මූලයක් සහිත සමාගමක් වන, ෂෙල් - ආර්එම් පාක්ස් (Shell - RM Parks) සමාගම හා ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම, ඉන්ධන ගබඩා කිරීම හා ඛෙදා හැරීමේ ගිවිසුමකට එළඹීම අද දින (12) කොළොන්නාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම් ප්‍රධාන කාර්යාලයේදී සිදු කර තිබෙනවා.

ඒ අනුව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගමට, Shell-RM Parks සමාගමට අයත් ඉන්ධන තොග මෙරට තුළ ගබඩා කිරීම හා බෙදා හැරීම ආශ්‍රිත කටයුතු සඳහා ප්‍රතිපාදන සැලසෙනවා.

ඉකුත් (2023) වසරේ ජුලි මස 08 දින ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම හා විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය එක්ව පූර්ව එකඟතා ගිවිසුමකට අත්සන් තැබුවා.

අදාළ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු කඩිනමින් ඇරඹීම සඳහා විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ උපදෙස් මත මෙම ගිවිසුම් ගතවීම සිදු ව ඇති බවයි වාර්තා වන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories