''ඡන්ද අයිතිය අහෝසි කරමින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න දෙන්න බැහැ''- විපක්ෂනායක (වීඩියෝ)

Monday, 12 February 2024 - 16:41

%27%27%E0%B6%A1%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA+%E0%B6%85%E0%B7%84%E0%B7%9D%E0%B7%83%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B7%84%E0%B7%90%27%27-+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම සමගි ජන බලවේගයේ ප්‍රතිපත්තිය බවත් ඒ තුළ නිර්මාණය වූ ඒකාධිපතීත්වය, දැවැන්ත බල පරාක්‍රමය මෙරට පුරවැසියන්ගේ අයිතින් උල්ලංඝනයවන බැවින් එහි පැහැදිලි වෙනසක් සිදු විය යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂනායකවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ ඊයේ (11) කොළඹ දී පැවැති සමගි ජන බලවේග නීතිඥ මණ්ඩලයේ රැස්වීම අමතමින්.

පළාත් පාලන ඡන්දය නිවැරදි දිනට නොපවත්වා ඒ සදහා මුදල් ලබා නොදී ජනතාවගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන ආණ්ඩුවක් වර්තමාන රටේ පවතින බවයි එහිදී ඔහු සඳහන්කර සිටියේ.

එවැනි ආණ්ඩුවකට ජනතාවගේ සර්ව ජන ඡන්ද බලය නිශේධ කරන්න සහයෝගය ලබා නොදෙන බවත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නේ මැතිවරණයකට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ලබා දීමෙන් පසුව බවත් විපක්ෂ නායකවරයා එහිදී ප්‍රකාශකර සිටියා.

පක්ෂයක් ලෙස සමගි ජන බලවේගයේ ආර්ථික ප්‍රතිපත්තිය ලෙස විශ්වාස කරන්නේ වෙළෙඳපොළ සමාජය තුළ ක්‍රියාත්මක වන මානුෂීය ධනවාදය තුළින් සම්පත් උත්පාදනය සහ එම උත්පාදිත සම්පත් යුක්තිය සාධාරණත්වය සමාජ සාධාරණත්වය හා සමානාත්මතාව තුළ සම්පත් හා ආදායම් බෙදී යාම බවත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය කේන්ද්‍ර කර ගත් මැද මාවත සිය ප්‍රතිපත්තිය බවත් එය පහළ සිට ඉහළට ගලායන බිම්මට්ටමේ ප්‍රජාවගේ දැවෙන ප්‍රශ්න ගැටලුවලට සවන් දෙන සහභාගීත්ව ප්‍රතිපත්ති සම්පාදනයක් සිදු කරන බවත් විපක්ෂ නායකවරයා පවසනවා.

ඔහු වැඩිදුරටත් පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂා කර නීතියේ ආධිපත්‍ය සුරකිමින් යුක්තිය සාධාරණත්වය මත අධිකරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක කර දුග්ගැනවිලිවලට ලක්වන ප්‍රජාවට ඇහුම්කන් දීමත් සාධාරණ යුක්ති සහගත විසදුම් ලබා දෙන ක්‍රමවේදය ක්‍රියාත්මක කරන බවත් ප්‍රජාතන්ත්‍රවාදයේ කුලුණු 3 සහ ඒවායේ බලය බෙදී යාම හා සංවරණ සහ තුලන ක්‍රමවේදය තුල ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවදී ක්‍රමයක් රට තුළ ස්ථාපිත කර නිදහස් මාධ්‍යය ද හතරවැනි කුලුණ ලෙස සලකා එය සුරකින බවයි.

එමෙන් ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වැදගත් අංගයක් වන මුලික අයිතිවාසිකම් සම්බන්ධයෙන් සිතා බැලිය යුතු බවත් එහි විග්‍රහය තවදුරටත් පුලුල් කර සෞඛ්‍ය, අධ්‍යාපනය යනාදි නව සංකල්ප ඇතුළත් කර පැහැදිලි සංශෝධන කරන බවද විපක්ෂ නායකවරයා අවධාරණය කරනවා.

වත්මන් දූෂණ විරෝධී පනත තවදුරටත් ප්‍රමානවත් නොවන නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වඩාත් සාධනීය කොටසක් ලෙස සුළු බහුතරයකින් වෙනස් කළ නොහැකි ක්‍රමවේදයක් ලෙස දූෂණ විරෝධී ආයතන ස්ථාපිත කර කිසිවකුට බලවතෙකුට බලපැම් කළ නොහැකි ක්‍රමවේදයක් ඇති කරන බවයි එහිදී ඔහු සඳහන්කර සිටියේ.

විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසුවේ රට බංකොලොත් කළ පුද්ගලයන් කවුද කියා අනාවරණය කිරීමට සමගි ජන බලවේගයේ නිතිඥ මණ්ඩලය සහ බුද්ධි මණ්ඩපය කටයුතු කළා සේ මේ රට විනාශ කළ පුද්ගලයන් නීතිය හමුවට ගෙනවිත් රටට අහිමි වූ සම්පත් හා දේපල ලබා ගන්නා අතර කුමන ආකාරයකින්වත් මේ රට විනාශ කළ හොරු සමග ඩීල් නොදමන බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories