මාරක අනතුරින් තිදරු පියා අවසන් ගමන් යයි

Monday, 12 February 2024 - 16:49

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
අනුරාධපුර සිට මහනුවර බලා ධාවනය වු ලංගම බස්රථයකට යටවී යතුරුපැදිකරුවෙකු ජිවිතක්ෂයට පත්වී ඇති බව නාඋල පොලිසිය පවසනවා.

ඊයේ (12) සවස 7.30ට පමණ අනුරාධපුර දෙසින් මහනුවර දෙසට පැමිණි ලංගම බස්රථය A -9 ප්‍රධාන මාර්ගය දෙසට ගමන් කර ඇති යතුරු පැදිය
හා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අදාළ අනතුර හේතුවෙන් බරපතළ තුවාල ලබා සිටි යතුරුපැදිකරු මාතලේ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ සිද්ධිය ඇසින් දුටුවන් කියා සිටියේ යතුරුපැදිකරු අනතුර සිදුවු ස්ථානයේදීම මිය ගොස් ඇති බවයි.

මෙසේ මියගොස් ඇත්තේ කණුමුලයාය, නාඋල ලිපිනයේ පදිංචිව සිටි ඩි.එම්.තිලකරත්න බණ්ඩා (67) නැමති දෙදරු පියෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් නාඋල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories