හෙල්මටයේ සඟවා මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ පුද්ගලයෙක් අත්අඩංගුවට

Monday, 12 February 2024 - 17:56

%E0%B7%84%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%B8%E0%B6%A7%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B6%9F%E0%B7%80%E0%B7%8F+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
මන්නාරම සාවර්කට්ටු ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ඉතා සූක්ෂමව හෙල්මටයක සඟවාගෙන ජාවාරමේ නිරත වූ තරුණයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව එහි නිලධාරීන් පිරිසක් විසින් සාවර්කට්ටු විඩත්තිල් ප්‍රදේශයේ මාර්ගයක සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

අප වාර්තාකරු සඳහන් කළේ සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ආරක්ෂිත හිස් ආවරණයක සූක්ෂයම සඟවා ගෙන සිටි අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 20 මිලිග්‍රෑම් 850ක ප්‍රමාණයක් පොලිස් නිලධාරීන් විසින් සොයාගත් බවයි.

අත්අඩංගුවට ගත් සැකකරු සාවර්කට්ටු ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකු වන අතර ඔහු මන්නරම් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories