මාලදිවයින දැවැන්ත මූල්‍ය අර්බුදයක් අභියස ?

Monday, 12 February 2024 - 21:31

%E0%B6%B8%E0%B7%8F%E0%B6%BD%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1+%E0%B6%AF%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%83+%3F
මාලදිවයිනේ පැවති ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපතිවරයා පරාජය කරමින් චීන හිතවාදී විපක්ෂ අපේක්ෂක මොහොමඩ් මුයිසු ජයග්රහණය කරන ලද්දේ පසුගිය ඔක්තෝබරයේ ආරම්භයේදීයි.

චීනයට ඉන්දියානු සාගරයේ බලය විහිදුවිමට අවශ්‍යව පවතින අතර, ඒ සඳහා සිය බලයට යටත් කරගත යුතු මධ්‍යස්ථානයක් ලෙස චීනය විසින් මාලදිවයින හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, චීනය දියත් කළ දීර්ඝ කාලීන සැලසුමකට අනුව 2023 ඔක්තෝබරයේදී මොහොමඩ් මුයිසු ජනාධිපතිවරයා ලෙස පත් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු බලයට පැමිණීමත් සමඟ චීනයේ මගපෙන්වීමට අනුව රට තුල ඉන්දීය විරෝධයක් ගොඩනැංවීමට සඳහා ඉන්දියාව සමඟ ගැටුම් නිර්මාණය කර ගෙන තිබෙනවා.

2013 සිට 2018 දක්වා ජනාධිපති ධූරය දැරූ අබ්දුල්ලා යමීන් යටතේ මාලදිවයින චීනයට සමීප වූ අතර චීනය සහ සෙසු ලෝකය අතර මාර්ග, දුම්රිය සහ නාවික සම්බන්ධතා ගොඩනැගීම සඳහා ජනාධිපති ෂී ජින්පින්ග්ගේ 'තීරය සහ මාර්ග මුලපිරීම' සමඟ සම්බන්ධ වුණා.

මාලේ අගනුවර වෙනත් දූපතක පිහිටා ඇති ජාත්‍යන්තර ගුවන් තොටුපළ සමග සම්බන්ධ කරන කිලෝමීටර් 2.1ක (සැතපුම් 1.3) මංතීරු හතරක පාලම යනු, චීනය අරමුදල් යෙදවූ විශාලතම සහ වඩාත් ම දෘශ්‍යමාන ව්‍යාපෘතිවලින් එකක්.

ඩොලර් මිලියන 200ක (පවුම් මිලියන 164) වියදමකින් ගොඩනගන ලද එම පාලම 2018 වසරේදී විවෘත කරන ලද්දේ, යමීන් ජනාධිපතිව සිටියදීයි.

කෙසේවෙතත් මේ සියලු මැදිහත්වීම් හේතුවෙන් මාලදිවයිනේ චීනයට පවතින ණය ප්‍රමාණය ඉහළ ගොස් ඇති අතර, ඒවා ආපසු ගෙවීමේ අනාගත සැලසුමක් සම්පාදනය කර නොමැති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත් රටේ නව ජනාධිපතිවරයා ලෙස මොහොමඩ් මුයිසු පත්වීමත් සමඟ මාලදිවයින සිය ආර්ථික ගමන් මගෙහි තීරණාත්මක සන්ධිස්ථානයකට පැමිණ සිටිනවා.

550,000ක පමණ ජනතාවකින් සමන්විත මාලදිවයින් දුපත් රාජ්‍යයට නව ජනාධිපතිවරයාගේ තීරණ සමඟ නුදුරු අනාගතයේදීම ආර්ථික අභියෝග රැසකට මුහුණ දීමට සිදුවනු ඇති බවටයි වාර්තා වන්නේ.

ආර්ථික අභියෝග රැසකට මුහුණ දෙමින් සිටින මාලදිවයින, ජනාධිපති මුයිසුගේ ධුර කාලය ආරම්භයේ සිටම දුර්වලවීම හේතුවෙන් රටේ සියලුම ක්ෂේත්‍රවලට එය ප්‍රබල ලෙසම බලපා තිබෙනවා.

මාලදිවයිනට ජාත්‍යන්තර හවුල්කාරිත්වයේ ක්ෂේත්‍රය තුළ, සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ චීනය අතර තේරීම කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇති බවද සඳහන්.

මාලදිවයින චීනයට පක්ෂපාතී වීම හේතුවෙන්, ප්‍රාග්ධනය පමණක් නොව ශ්‍රමය ද ආනයනය කිරීමට නැඹුරු වීම හරහා රටේ ආර්ථික සෞඛ්‍යය සම්බන්ධයෙන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා.

විශේෂයෙන් ඉන්දියාවේ, දේශීය ආර්ථිකය ආරක්ෂා කෙරෙන නිෂ්පාදන ආර්ථිකයකට සහාය ලබාදීමේ ප්‍රවේශය වෙනුවට, චීනයේ ආයෝජන මත පමණක් යැපෙන ආර්ථික ප්‍රවේශය අනුගමනය කිරීම හේතුවෙන් මාලදිවයින් බහුතර ජනතාවගේ රැකියා අවස්ථා සහ පවුල් ආදායම් අහිමි වීමේ අවදානමක් ගොඩනැගෙමින් පවතින බවයි වාර්තා වී ඇත්තේ.

ලෝක බැංකු වාර්තාවන්ට අනුව, මාලදිවයින, චීනයට ඩොලර් බිලියන 1.37ක සැලකිය යුතු ණයක් පවතින අතර, එම ප්‍රමාණය මාලදිවයිනේ සමස්ත රාජ්‍ය ණයවලින් 20%ක පමණ වෙනවා.

ලෝක බැංකු වාර්තාව පෙන්වා දෙන්නේ මාලදිවයිනේ ණය පොළී ගෙවීම් 2023 ජනවාරි සිට අගෝස්තු දක්වා ඩොලර් මිලියන 162.3 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එය පෙර වසරට වඩා 15%ක වැඩිවීමක් වන අතර එවැනි මූල්‍ය බැඳීම් රටේ ණය පරිමාවේ තිරසාරභාවය පිළිබඳ අර්බුදයක් ගොඩ නගන බවයි ලෝක බැංකුව පෙන්වා දෙන්නේ.

මෙම තත්වය මත නව සංවර්ධන ව්‍යාපෘතිවලට සහාය වීම සඳහා බාහිර අරමුදල්වල හදිසි අවශ්‍යතාවය ඉස්මතු කරමින් චීනය සමඟ වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීම සලකා බැලීමට ජනාධිපති මුයිසුගේ පරිපාලනයට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සංකීර්ණ තත්ත්වය පිළිබඳව සලකා බැලීමේදී, සංවර්ධන හවුල්කරුවන් ලෙස ඉන්දියාව සහ චීනය පිළිබඳ අතීත වාර්තා දැඩි අවධානයට ලක් වී තිබෙනවා.

විශේෂයෙන්ම සෞඛ්‍ය සේවා සහ ජීවනෝපාය අවශ්‍යතා සම්බන්ධයෙන් ඉන්දියාව සමඟ ඓතිහාසික වශයෙන් ශක්තිමත් සබඳතාවලින් තොර වී එක්සත් ජනපදය හා යුරෝපය වැනි බටහිර රටවල් වෙත ජනාධිපති මුයිසු යොමු වී තිබීම මේ වන විට ආර්ථික ගැටළු මතුකර ඇති බවද සඳහන්.

බටහිර රටවල් සහ එම ප්‍රතිපත්තීන්ට සෘජුවම ගැටෙන චීනය සමඟ මෙසේ මාලදිවයින එක්වීම හරහා එරටට ඉන්දියාවෙන් ලැබෙන සංවර්ධන ආධාරවල පැහැදිලි පසුබෑමක් දක්නට ලැබෙන ඇති බවටයි අපේක්ෂා කරන්නේ.

චීන ආයෝජන හේතුවෙන් ආර්ථික අර්බුද සමඟ පොරබදමින් සිටින ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ අත්දැකීම් මාලදිවයිනට අනතුරු ඇඟවීම් බව දැනටමත් ගෝලීය මූල්‍ය ආයතන පෙන්වා දී තිබෙනවා.

රටේ මූල්‍ය සෞඛ්‍යයට සහ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට බලපාන තීරණාත්මක තීන්දු සමඟින් ජනාධිපති මුයිසුගේ ආර්ථික ප්‍රතිපත්ති පෙරකී ලෙස කඩඉමකට පැමිණ ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් විදෙස් දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වන්නේ කෙටිකාලීන ජයග්‍රහණ ජාතියේ දිගු කාලීන ස්ථාවරත්වයට සහ ස්වෛරීභාවයට හානියක් බව ජනපති මුයිසු මෙතෙක් අවබෝධ කරගෙන නැති නොමැති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories