මල්වතුහිරිපිටියේදී වෙඩි වැදී මිය ගිය පොලිස් සැරයන්වරයාට උසස් වීමක්

Monday, 12 February 2024 - 22:17

%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B7%80%E0%B7%90%E0%B6%AF%E0%B7%93+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%A7+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
ගම්පහ මල්වතුහිරිපිටිය - බටපොළ ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී වෙඩි වැදීමකට ලක්ව මියගිය පොලිස් සැරයන්වරයා වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකොන් විසින් උපපොලිස් පරීක්ෂක තනතුරට උසස් කර තිබෙනවා.

එමෙන්ම ඔහුගේ පවුලට රුපියල් ලක්ෂ 10 ක දීමනාවක්ද ලබා දීමටයි පියවර ගෙන ඇත්තේ.

ත්‍රිරෝද රථයක් නවතා පරීක්ෂා කර පොලිසියට අවශ්‍යව සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදුවූ පොරබැදීමකදී මෙම පොලිස් නිලධාරියාට වෙඩි වැදී තිබුණා.

එහිදී ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව ඔහු ජීවිතක්ෂයට පසු වුණා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වී ඇත්තේ 51 හැවිරිදි මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories