මීගොඩ වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් පස් දෙනෙකුට ස්ථාන මාරුවීම්

Monday, 12 February 2024 - 22:52

%E0%B6%B8%E0%B7%93%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%8A
මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයේ අද (12) අලුයම සිදු වූ සන්නද්ධ මංකොල්ලය සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් 5 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදී තිබෙනවා.

මීගොඩ විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයට අද (12) අලු‍යම කඩාවැදුණු පුද්ගලයන් දෙදෙනෙකු එහි වෙළඳසැලක මුදල් අයකැමි තරුණියට වෙඩි තබා මුදල් කොල්ල කා පලා ගියා.

මෙම වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 23 හැවිරිදි තරුණිය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඇයගේ තත්වය බරපතල නොවන බවයි පොලිසිය සඳහන් කළේ.

ආයුධ සන්නද්ධව වෙළඳසැලට පැමිණි කොල්ලකරුවන් අයකැමි තරුණිය බියගන්වා එහි උඩ ලාච්චුවේ තිබූ මුදල් කොල්ලකා තිබෙනවා.

පසුව ඊට පහළින් අගුලු දමා තිබූ ලාච්චුවේ යතුර ඉල්ලා ඇති අතර, තරුණිය ඊට විරුද්ධ වී ඇති බව සඳහන්.

එහිදී කෝපයට පත් කොල්ලකරුවන් ඇයට වෙඩි තබා ඇති බවයි වාර්තාවන්නේ.

දැනට සිදුකර ඇති පරීක්ෂණවලට අනුව මෙම කොල්ලකරුවන්ට රැගෙන යා හැකිව ඇත්තේ රුපියල් 45,900 ක මුදලක් පමණයි.

මීගොඩ පොලිස් මුරපොලද පිහිටා ඇත්තේ කොල්ලකන ලද මෙම වෙළඳසැල ආසන්නයේයි.

මෙම තොග වෙළඳසැල මීගොඩ ආර්ථීක මධ්‍යස්ථානයේ අර්තාපල් සහ ලොකු ළුෑණු අලෙවි කරන ප්‍රධානතම වෙළඳසැලක්.

කොල්ලකරුවන් වෙළඳසැලට පැමිණෙන ආකාරය සහ මුදල් කොල්ලකා තරුණියට වෙඩි තබා පලා යන ආකාරය CCTV කැමරාවලද සටහන් වී තිබෙනවා.

කොල්ලකෑමෙන් පසු ඔවුන් මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසළින් දිවෙන මාර්ගයේ දාම්පේ දෙසට පලාගොස් ඇති අතර, අදාළ ප්‍රදේශවල CCTV දර්ශන විශ්ලේෂණය කරමින් ඉදිරි විමර්ශන සිදුකරන බව උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories