කහතුඩුවේ නිවසක ගින්නක්

Tuesday, 13 February 2024 - 6:44

%E0%B6%9A%E0%B7%84%E0%B6%AD%E0%B7%94%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
කහතුඩුව, සරණතිස්ස මාවත, වයිට් රෝස් පාර්ක් හි නිවසක ඊයේ (12) පස්වරුවේ ඇති වූ ගින්නකින් එම නිවස සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි කහතුඩුව පොලිසිය පවසනවා.

කහතුඩුව, සරණ තිස්ස මාවතේ නිවසක් ගිනිගන්නා බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව නිලධාරී කණ්ඩායමක් එම ප්‍රදේශයට ගොස් පරීක්ෂා කිරීමේදී වසා දමා තිබූ නිවසක් තුළ ගින්නක් හටගෙන තිබෙනු දැක තිබෙනවා.

අනතුරුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය හොරණ නගර සභාවේ ගිනි නිවීමේ අංශය සමඟ එකතු වී පැයක් ඇතුලත මෙම ගින්න සම්පූර්ණයෙන් නිවා දැමීමට සමත් වූ බවයි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සඳහන් කළේ මෙම නිවසෙහි හිමිකරු මේ වන විට විදේශගතව ඇති අතර, එම නිසා මෙම නිවස කුලී පදනම මත ලබාදී ඇති බවත්, ඔවුන් ද ගින්න සිදුවන අවස්ථාවේදී නිවසේ නොසිටි බවත් ඇතිවූ ගින්නෙන් දේපළ හානි රැසක් සිදුව ඇති බවයි.

ඇතිවූ ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories