නීතිපති අනුමැතිය නැතිව අමරකීර්ති අතුකෝරළ ඝාතන නඩුවේ ඇප දීලා

Tuesday, 13 February 2024 - 7:15

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80+%E0%B6%85%E0%B6%B8%E0%B6%BB%E0%B6%9A%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%9A%E0%B7%9D%E0%B6%BB%E0%B7%85+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%B4+%E0%B6%AF%E0%B7%93%E0%B6%BD%E0%B7%8F
පසුගිය අරගල පැවති සමයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂකයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 37 දෙනකුට ත්‍රිපුද්ගල මහාධිකරණය මඟින් ඇප ලබා දී ඇත්තේ නීතිපතිවරයාගේ අනුමැතියකින් තොරව බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජානක බණ්ඩාර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.

ඔහු මේ බව දැනුම්දෙනු ලැබුවේ නීතිපති විසින් ගොනුකොට තිබූ අභියාචන පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (12) සලකා බැලූ අවස්ථාවේදීයි.

පසුගිය වසරේ ජූලි 28 වැනි දින මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගම්පහ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා තිබූ නඩුව සම්බන්ධයෙන් සැකකරුවන් 37 දෙනෙකුට ඇප ලබාදීමට එරෙහිව මෙම අභියාචන පෙත්සම නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකරනු ලැබ තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories