සෞඛ්‍ය සේවකයන් යළි වර්ජනයේ

Tuesday, 13 February 2024 - 7:41

%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A
වෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් තිස්පන්දහසක ඩැට් දීමනාව තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය අද (13) උදෑසන 6.30 සිට අඛණ්ඩ වර්ජනයක් ආරම්භ කළා.

පරිපූරක, අතුරු වෛද්‍ය, හෙද ඇතුලු වෛද්‍ය වෘත්තීය සමිති 72 ක නියෝජිතයන් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගයට එක්ව සිටිනවා.

පසුගිය හයවනදා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සමඟ අදාළ වෘත්තිය සමිති සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී කමිටුවක් පත් කෙරුණේ, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අදාල වෘත්තීය සමිති ඉල්ලා සිටින දීමනාව කුමන ප්‍රමාණයකින් ලබාදිය හැකිද යන්න සම්බන්ධයෙන් තීරණය කිරීම සඳහායි.

ඒ අනුව එම කමිටුව සහ වෘත්තීය සමිති ඊයේ පළමුවරට මුදල් අමාත්‍යාංශයේදී හමුවූ අතර එහිදී තම ඉල්ලීම්වලට සාධාරණ විසදුම් ලබාදීමට ඔවුන් අපොහොසත් වූ බවයි සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් සඳහන් කළේ.

මේ අතර මෙම වර්ජන ක්‍රියාමාර්ගයට ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය සභාපතිත්වය දැරූ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය සහය පළ කරනවා.

කෙසේ වෙතත් තම සංගමය වර්ජනයට එක් නොවන බවයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories