තුනුකායී සිට යාපනය, කරෙයිනගර් බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් කොකාවිල් ප්‍රදේශයේදී යුද හමුදා නිලධාරින් පිරිසක් ගමන්ගත් වාහනයක් සමඟ මුහුණට මුහුණ ගැටීම නිසා සිදුවූ රිය අනතුරකින් යුද හමුදා සෙබළුන් පස් දෙනෙකු හා සිවිල් වැසියන් දෙදෙනෙකු ඊයේ (12) සවස තුවාල ලබා තිබෙනවා.
එහිදී තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මෙම අනතුරෙන් පසු යුද හමුදා වාහනය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා එය මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අයිනේ පෙරළී ගොස් තිබෙනවා.
වාර්තාකරු සඳහන් කළේ ලංගම බස් රථය අධික වේගයෙන් ධාවනය වීම නිසා මෙම අනතුර සිදුව ඇති බව මූලික පරීක්ෂණ වලදී හෙළිවී ඇති බවත්, බස් රථයේ රියදුරාද තුවාලකරුවන් අතර සිටින බවයි.
මෙම අනතුර සම්බන්ධයෙන් මාන්කුලම පොලිසියෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

Follow US

Most Viewed Stories