ඉමියුනෝග්ලොබියුලීින් සිද්ධියට තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගනී

Tuesday, 13 February 2024 - 7:54

%E0%B6%89%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%B1%E0%B7%9D%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%9C%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%BD%E0%B7%93%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%8B%E0%B7%83%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81+%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීින් එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ සටහන් කර ගෙන තිබෙනවා.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ ඖෂධ සැපයුම් අංශයේ නියෝජිතයින් කිහිපදෙනෙකුගෙන් එලෙස ප්‍රකාශ සටහන් කර ගත් බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.

ප්‍රශ්නගත ඉමියුනෝග්ලොබියුලීින් එන්නත් ගෙන්වීමේ සිද්ධියට අදාළව මේ වනවිට හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුලු 6 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගතව පසුවනවා.

මේ අතර හිරු ප්‍රවෘත්ති කළ අනාවරණයෙන් පසුව ඩොලර් මිලියන ගණනක් වටිනා අත්‍යවශ්‍ය ඖෂධ සහිත බහාලු‍ම් වත්තල, වැලිසර සහ කැලණිය පර්යන්තවල අනාරක්ෂිතව තැබීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම එම බහාලු‍ම් තුළ ඇති බව පැවසෙන ”‍මෙරපනම්”‍ නමැති ප්‍රබල ප්‍රතිජීවක එන්නත්වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් ද ගැටලු‍වක් මතුව ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

මෙලෙස අනාරක්ෂිතව ගබඩා කර ඇති ඖෂධ සහිත බහාලු‍මක් තුළ “මෙරපනම්“ ප්‍රතිජීවක එන්නත් කුප්පි හාර ලක්ෂ පනස් දහසක් පමණ ඇති අතර මෙම එන්නත ලබා දෙන්නේ හදවත් සහ පිළිකා රෝගීන් සඳහායි. හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ සමයේ ලබාදුන් අවසරය මත ආනයනය කර ඇති මෙම ඖෂධ සහිත බහාලු‍ම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බවයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories