ආදුරුප්පු වීදිය පොලිසිය තුළදී සැකකරුවන්ට වස ලබාදීම සම්බන්ධයෙන් පිරිසක් අත්අඩංගුවට

Tuesday, 13 February 2024 - 8:38

%E0%B6%86%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B7%80%E0%B7%93%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%AD%E0%B7%94%E0%B7%85%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%83+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ආදුරුප්පුවීදිය පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනෙකුට සයනයිඩ් මිශ්‍ර කිරි වර්ගයක් ලබාදීමේ සිද්ධියට අදාළව කාන්තාවන් දෙදෙනෙකු ඇතුලු 07 දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔවුන් ගම්පොළ - ගලහ - දෙල්තොට ප්‍රදේශයේ නිවසක සැගව සිටිය දී ඊයේ (12) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සදහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනා මෙම සිද්ධියට ආධාර අනුබලදී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පසුගිය ජනවාරි මස 23 වනදා ජින්තුපිටිය ප්‍රදේශයේදී තරුණයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන පොලිසියේ සිරමැදිරියේ රඳවා සිටි සැකකරුවන් දෙදෙනාටයි සයනයිඩ් මිශ්‍ර කිරි වර්ගයක් ලබාදී තිබුණේ.

පසුව ඔවුන් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

එමෙන්ම සිද්ධියට අදාළව එම අවස්ථාවේ පොලිස් ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් ස්ථානාධිපති ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories