විදේශ රටක නිෂ්පාදිත අති නවීන පිස්තෝල‍යක් සමඟ අයෙක් අත්අඩංගුවට

Tuesday, 13 February 2024 - 9:23

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%82%E0%B7%8A%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD+%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%80%E0%B7%93%E0%B6%B1+%E0%B6%B4%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%9D%E0%B6%BD%E2%80%8D%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B6%9F+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
කිසියම් අපරාධයක් කිරීමට සූදානම් වී සිටි පුද්ගලයෙකු විදේශ රටක නිෂ්පාදිත අති නවීන මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සන්තකයේ තබාගෙන සිටියදී රුවන්වැල්ල, කොටියාකුඹුර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොටියාකුඹුර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 37ක පුද්ගලයෙක්.

එහිදී විදේශීය රටක නිෂ්පාදිත 9X18 mm උණ්ඩ යෙදිය හැකි මයික්‍රෝ වර්ගයේ පිස්තෝල අවියක් සහ එම අවියට සවි කල හැකි පතුරම් ගැබක් ද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රුවන්වැල්ල පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories