මහ බැංකුවේ පාලක මණ්ඩලයට නව සාමාජිකයින් දෙදෙනෙක්

Tuesday, 13 February 2024 - 10:02

%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%9A+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%A2%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) පාලක මණ්ඩලය ඊයේ (12) නිවේදනයක් නිකුත් කරමින් රජීව් අමරසූරිය සහ මනිල් ජයසිංහ යන අය නව සාමාජිකයින් ලෙස පාලක මණ්ඩලයට පත්කළ බවට නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව ජනවාරි 30 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි රජීව් අමරසූරිය පත් කර ඇති අතර, පෙබරවාරි 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මනිල් ජයසිංහ පත් කර ඇති බවයි එම නිවේදනයේ සඳහන්.

රජීව් අමරසූරිය ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ හිටපු ලේකම්වරයා වන අතර, ඔහුට පොදු නීති ක්ෂේත්‍රවල සහ කොන්ත්‍රාත්, වාණිජ, දේපළ, බදුකරණය, බැංකුකරණය සහ නීතියේ අනෙකුත් විෂයයන් ඇතුළු සිවිල් නඩු පැවරීමේ බොහෝ ක්ෂේත්‍රවල නිරත වූ අයෙක්.

එමෙන්ම ඔහු ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති අධීක්ෂණ මණ්ඩලය, UGC හි නීති අධ්‍යයන ස්ථාවර කමිටුව ඇතුළු රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතන කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩල / කමිටු සාමාජිකයෙකු වන අතර, කොළඹ විශ්ව විද්‍යාලයේ සභා සාමාජිකයෙක්.

ඔහු ශ්‍රී ලංකා නීති අධ්‍යාපන කවුන්සිලයේ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු වන අතර ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු කොමසාරිස්, ශ්‍රී ලංකා ආණ්ඩුකාර මණ්ඩලයේ හිටපු සාමාජිකයෙකු ලෙස සේවය කර තිබෙනවා.

එමෙන්ම පාලක මණ්ඩලය සඳහා පත්කළ මනිල් ජයසිංහ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයෙකු, කළමනාකරණ ගණකාධිකාරී වරලත් ආයතනයේ (එක්සත් රාජධානියේ) සාමාජිකයෙකු, ශ්‍රී ලංකාවේ සහතික කළ කළමනාකරණ ගණකාධිකාරීවරුන්ගේ සාමාජිකයෙකු මෙන්ම මහජන වරලත් ආයතනයේ සාමාජිකත්වය හොඹවනු ලබනවා.

2023 අංක 16 දරන මහ බැංකු පනතේ විධිවිධානවලට අනුව, මහ බැංකුවේ පරිපාලනය සහ කළමනාකරණය අධීක්ෂණය කිරීම සහ මහ බැංකුවේ සාමාන්‍ය ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස මහ බැංකුවේ පාලක මණ්ඩලය පිහිටුවා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories