කොටුව මහේස්ත්‍රාත්ගේ නිල කාමරය සහ වාහනය වීඩියෝ ගතකළ පුද්ගලයෙකු රිමාන්ඩ්

Friday, 29 March 2024 - 20:54

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B7%84%E0%B7%9A%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B8%E0%B6%BB%E0%B6%BA+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D+%E0%B6%9C%E0%B6%AD%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු කටයුතු සිදුවෙමින් පවතින අවස්ථාවේදී අධිකරණ භූමිය ජංගම දුරකතනයක් භාවිතා කරමින් වීඩියෝ ගතකළ බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ලබන මස 1 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

අධිකරණ භූමියේදී කොටුව මහේස්ත්‍රාත්වරයාගේ නිල කාමරය සහ වාහනය රඳවා තිබෙන ප්‍රදේශය ආසන්නයේ මෙම වීඩියෝ ගත කිරීම සිදු කර ඇති අතර, එහිදී පොලිස් නිලධාරියෙකු ඒ බව නිරීක්ෂණය කර තිබෙනවා.

ඒ අනුව අදාළ සැකකරු සහ ඔහු සමග රැඳී සිටි තවත් දෙදෙනෙකු පොලිස් භාරයට ගැනුනු අතර, ජංගම දුරකථනය යොදාගෙන වීඩියෝ ගත කිරීම සිදුකළ පුද්ගලයා පසුව කොම්පඤ්ඤවීදිය පොලිසියට භාර දී තිබුණා.

ඒ අනුවයි ඔහු අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ.

කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඝාතන සැලැසුමක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු වන අවස්ථාවකයි මෙම පුද්ගලයා මෙලෙස අධිකරණ භූමිය වීඩියෝ ගත කර ඇත්තේ.

ඔහුගේ ජංගම දුරකතනයට අදාළ වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය අධිකරණයට වාර්තා කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories