අල් ෂිෆා රෝහලේ සෝදිසි සති 2කට නවතී

Monday, 01 April 2024 - 21:56

%E0%B6%85%E0%B6%BD%E0%B7%8A+%E0%B7%82%E0%B7%92%E0%B7%86%E0%B7%8F+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%83%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B7%83%E0%B7%92+%E0%B7%83%E0%B6%AD%E0%B7%92+2%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B7%93
හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදාව ගාසා හි අල්-ෂිෆා රෝහල තුළ සිදු කළ සෝදිසි මෙහෙයුම් සති දෙකකට පසු නවතා තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පලස්තීන වැසියන්ට නේවාසිකාගාර පහසුකම් ලබා දුන් මෙම රෝහලෙන් ඊශ්‍රායල හමුදාව ඉවත් වන්නේ නටඹුන් පමණක් ඉතිරි කර බවයි.

ඊශ්‍රායලය විසින් පසුගිය 18 වනදා මෙම ප්‍රහාරය එල්ල කළ අතර ප්‍රහාරයෙන් ජීවිතක්ෂට පත් වූ හමාස් සටන්කාමීන් සිය ගණනකගේ මළ සිරුරු සොයා ගැනුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories