Al Jazeera රූපවාහිනි නාලිකාවේ විකාශයන් තහනම් කිරීමේ යෝජනාව සම්මත වෙයි

Tuesday, 02 April 2024 - 14:12

Al+Jazeera+%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කටාර් රාජ්‍යයට අයත් අල් ජසීරා රූපවාහිනි නාලිකාවේ විකාශයන් තහනම් කිරීමේ යෝජනාවක් ඊශ්‍රායලය පාර්ලිමේන්තුව විසින් සම්මත කර ගෙන තිබෙනවා.

ඒ අනුව, එම රූපවාහිනියට අයත් ඊශ්‍රායලයේ පිහිටි සියලු‍ ප්‍රාදේශීය කාර්යාල වසා දැමීමට කටයුතු කරන බවයි අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් අමෙරිකාව අප්‍රසාදය පලකර තිබෙනවා.

විදෙස් මාධ්‍යවේදීන්ට ගාසා තීරයට ඇතුළුවීම තහනම් කිරීමත් සමඟ යුද ගැටුම් වාර්තා කිරීමට අල් ජසීරා කාර්ය මණ්ඩලයට පමණක් අවස්ථාව හිමිවු අතර, ඔවුන් පක්ෂපාති වාර්තාකරණයක නියැලෙමින් සිටින බවයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories