සිව්වැනි දිනය අවසන් - ශ්‍රී ලංකාව ලකුණු 243ක් ඉදිරියෙන්

Tuesday, 02 April 2024 - 17:22

%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+-+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%BD%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%94+243%E0%B6%9A%E0%B7%8A+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන අවසන් ටෙස්ට් තරගයේ සිව්වන දිනය නිමාවට පත් වුණා.

ඒ අනුව දෙවැනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම මේ වනවිට ලකුණු 243ක් පසුපසින් පසුවනවා.

අද දිනය නිමාවන විට බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 268ක් ලබාගෙන කඩුලු 7ක් දැවී ගොස් තිබුණා.

මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 531 ක් රැස් කිරීමට සමත් වුණා.

එහි දී කුසල් මෙන්ඩිස් ලකුණු 93ක් , කමිඳු මෙන්ඩිස් නොදැවී ලකුණු 92ක් , දිමුත් කරු­ණා­රත්න ලකුණු 86ක් , ධනං­ජය ද සිල්වා ලකුණු 70ක් , දිනේෂ් චන්දි­මාල් ලකුණු 59ක් , නිෂාන් මධුෂ්ක ලකුණු 57ක් , ප්‍රභාත් ජය­සූ­රිය ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුණා.

දැවැන්ත ඉලක්කයක හබා යෑමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම ලකුණු 178කට සිමා කිරීමට ශ්‍රී ලංකා පන්දු බල ඇණියට හැකි වුණා.

පසුව දෙවැනි ඉනිම ඇරඹු ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 7ක් දැවී ලකුණු 157ක් ලබාගෙන සිටියදී සිය දෙවැනි ඉනිම අත්හිටුවනු ලැබුවා.

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 56ක් ලබාගත්තා.

ඒ අනුව මෙම තරගය ජය ගැනීම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 511 ඉලක්කයක් හිමි වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories