ජනපතිවරණයට දමිළ ජනතාව වෙනුවෙන් වෙන ම අපේක්ෂකයෙක් ?

Tuesday, 02 April 2024 - 17:37

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%B8%E0%B7%92%E0%B7%85+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8+%E0%B6%85%E0%B6%B4%E0%B7%9A%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%3F
එළඹෙන ජනාධිපතිවරණයේ දී දමිළ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් උතුරේ දේශපාලන පක්ෂ දැඩිව සිතා බලන බව, ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ සභාපති සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් පවසනවා.

යාපනයේ පැවැති මාධ්‍ය හමුවක දී මේ බව සඳහන් කළ ඔහු අවධාරණය කළේ, දෙමළ ජනතාවගේ ගැටලුවලට විසඳුම් ඉදිරි ජනාධිපතිවරණයේ දී, සිංහල අපේක්ෂකයින් සහ ඔවුන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ ඉදිරිපත් නොකරන බවයි.

මේ අතර පසුගිය දා ඉලංගෛ තමිල් අරසුකච්චු පක්ෂයේ හිටපු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්ධන් ඉකුත් දා ත්‍රිකුණාමලයේ පිහිටි සිය නිවසේ දී මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, සුළුතර දෙමළ ප්‍රජාව සම්බන්ධ සියලු ගැටලු, පිළිගත හැකි දේශපාලනයක් තුළින් විසඳීමට ප්‍රතිඥා දෙන අපේක්ෂකයෙකුට සහාය දීමෙන් ඉදිරි ජනාධිපතිවරණයේ දී දෙමළ ජනතාවට හොඳ විසඳුමක් ලැබෙනු ඇති බවයි.

තව ද ඔහු අවධාරණය කළේ, උතුරු නැගෙනහිර පළාත් ඒකාබද්ධ කිරීමෙන් දෙමළ ජනතාවට පිළිගත හැකි පිළිගත හැකි දේශපාලන විසඳුමක් ඉදිරිපත් කරන අපේක්ෂකයා දෙමළ ජනතාවට වැදගත් දේශපාලන සාධකය විය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories