වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවට (වීඩියෝ)

Tuesday, 02 April 2024 - 20:12

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%AF%E0%B7%94%E0%B7%82%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානය සෞඛ්‍ය අමාත්‍යවරයා හා මුදල් රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු පිරිස සමඟ අද පැවති සාකච්ඡාවේදී ප්‍රමාණවත් විසදුමක් නොලැබුණු බව එම සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් අදාළ ලිඛිත ලියවිල්ල ලැබීමෙන් පසු වර්ජන ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ඉදිරි තීරණ ගන්නා බවයි ඔහු ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත් අද පෙරවරුවේ රෝහල් 10ක දියත් කෙරුණු වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවට පත්වුණා.

වෛද්‍යවරුන් සඳහා රුපියල් 35,000කින් ඉහළ දැමූ ප්‍රදාන හා නිර්බාධක දීමනාව හෙවත් ඩැට් දීමනාව තමන්ට ඉහළ දමන ලෙස ඉල්ලමින් සෞඛ්‍ය වෘත්තීය සමිති රැසක් අද යළිත් වර්ජන ක්‍රියාමාර්ගය ආරම්භ කළා.

කොළඹ ජාතික රෝහල, කරාපිටිය, යාපනය, මඩකලපුව, පේරාදෙණිය යන ශික්ෂණ රෝහල් , කෑගල්ල, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වව්නියාව යන මහ රෝහල් සහ මන්නාරම මූලික රෝහලේ පැය 4ක කාලයක් අද මෙම වර්ජනය ක්‍රියාත්මක කෙරුණා.

මේ හේතුවෙන් ප්‍රතිකාර ලබාගැනීම සඳහා එම රෝහල් වෙත පැමිණි රෝගීන් පත්වූයේ දැඩි අසීරුතාවකටයි.

මේ අතර මෙම වැඩවර්ජනයට සමගාමීව කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල් රැසක අද දහවල් විරෝධතා ද පැවැත්වුණා.

මේ අතර සෞඛ්‍ය වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් අද පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ මහතා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ හමුවුණා.

එම සාකච්ඡාවට සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්, මුදල් අමාත්‍යාංශ ලේකම්, හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගර රත්නායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති අතර එහිදී තමන්ට ප්‍රමාණාත්මක විසදුමක් නොලැබුණු බවයි වෘත්ති සමිති සන්ධානය පවසන්නේ.








Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories