සීමාසහිත ශ්‍රී ලංකා ගුවන් සමාගම වෙත මෙහෙයුම් කල්බදු ක්‍රමය යටතේ අවශ්‍ය, පුළුල් බඳ සහිත ගුවන් යානා හතරක් ලබා ගැනීම සඳහා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබෙනවා.
ඒ සඳහා වන තාක්ෂණික ඇගයීම් කමිටුවේ (TEC) සහ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශ මත මෙම තීරණය ගෙන ඇති බවයි කැබිනට් තීරණ දැනුම් දීමේ සඳහන් වන්නේ.
ඊට අදාළ යෝජනාව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව අදාළ ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ඔරික්ස් ඒවියේෂන් වෙතින් ඩොලර් 360,000ක මාසික බද්දකට වසර හයක කාලයක් සඳහා ගුවන් යානා දෙකක් ලබා ගැනීමටත්, වසර අටක කාලයක් සඳහා ඩොලර් 365,000ක මාසික බදු මුදලකට Aergo Capital Limited වෙතින් ගුවන් යානා දෙකක් ලබාගැනීමට අදාළ තවත් කොන්ත්‍රාත්තුවක් ලබා ගැනීමටත් ගිවිසුම්ගත වීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

Follow US

Most Viewed Stories