ෆොන්සේකාට එරෙහි පෙත්සම සලකා බැලීම අද

Wednesday, 03 April 2024 - 9:09

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8+%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B6%E0%B7%90%E0%B6%BD%E0%B7%93%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF
පාර්ලිමේන්තු මන්ත්‍රී ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමගි ජන බලවේගයේ සභාපතිත්වයෙන් සහ කැලණිය ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය මගින් නිකුත් කර ඇති වාරණ නියෝගය ඉවත දමන ලෙස ඉල්ලා සමගි ජන බලවේගය ගොනුකර ඇති ප්‍රතිශෝධන පෙත්සම සලකා බැලීම අද සිදු කිරීමට අභියාචනාධිකරණය ඊයේ තීන්දු කළා.

මෙම ප්‍රතිශෝධන පෙත්සම සළකා බලනු ලැබුවේ අභියාචනාධිකරණ විනිසුරු ඩී.එන්. සමරකෝන් හමුවේයි.

පෙත්සමේ වඋත්තරකරු ලෙස නම් කර තිබුනේ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස සහ පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර විසින්.

සමගි ජන බලවේගයේ සභාපතිත්වයෙන් සහ අනෙකුත් තනතුරු වලින් සරත් ෆොන්සේකා ඉවත් කිරීමෙන් පසු ඊට එරෙහිව ඔහු කොළඹ දිසා අධිකරණය
හමුවේ ලක් පෙත්සම ගොනු කර තිබුණා.

එම පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා අධිකරණය ඔහු එම තනතුරුවලින් ඉවත් කිරීම වළක්වාලමින් වාරණ නියෝගයක් නිකුත් කරනු ලැබුවා.වා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories